Ultimate magazine theme for WordPress.

රූට්ගෙන් විශිෂ්ඨ ඉනිමක් – එංගලන්තය ලකුණු 42ක් පිටුපසින් – Day 3 Report

ADVERTISEMENT

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(24) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339ක්.

සිය 19 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ජෝ රූට් ලකුණු 186කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

ජොස් බට්ලර් ලකුණු 55ක් සහ ඩොම් බෙස් ලකුණු 32ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 7ක් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ද අද සමත් වුණා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 381ක් ලබා ගත්තා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 42ක්.

Leave a comment
x