Ultimate magazine theme for WordPress.

රිෂාබ් පාන්ට් ගැන සුබ ආරංචියක්

දරුණු රිය අනතුරකට මුහුණ දී සුවය ලබමින් සිටින ඉන්දීය කඩුලු රකින පිතිකරුවෙකු වන රිෂාබ් පාන්ට් බැංගලූරු ප්‍රදේශයට ආසන්න Alur ප්‍රදේශයේ දී පුහුණු ක්‍රිකට් තරගයකට එක්ව තිබෙනවා‍.

මෙය පාන්ට් දීර්ඝ කාලයකට පසුව ක්‍රීඩා කළ පළමු තරගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2022 වසරේ දී දරුණු රිය අනතුරකට මුහුණ දුන් රිෂාබ් පාන්ට් එතැන් සිට මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් හෝ අයි.පී.එල් තරගයක් ක්‍රීඩා කර නැහැ.

නමුත්, එළඹෙන අයි.පී.එල් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා.

Leave a comment