Ultimate magazine theme for WordPress.

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

ලබන වසර මුලදී සිදු කිරීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, අයි.සී.සී ඉදිරි තරග කාලසටහනට (FTP) අනුව දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබුණේ ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් පමණයි.

එය ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 5ක් දක්වා ඉහළ දැමීමටයි දෙරටේ ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඒ පිළිබද තොරතුරු ලබන අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කෙරෙණු ඇති.

මේ අතර, දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය “රිචර්ඩ්ස් – බෝතම් කුසලානය” වෙනුවෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ ඉයන් බෝතම්ට ගෞරවයක් වශයෙන් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලි එම කුසලානය නමින් හැදින්වීමට තීරණය කළ බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Schedule:

January 28: 1st T20I

January 30: 2nd T20I

February 2: 3rd T20I

February 4: 4th T20I

February 5: 5th T20I

March 1 – March 4: warm-up match

March 8 – March 12: 1st Test

March 16 – March 20: 2nd Test

March 24 – March 28: 3rd Test

Leave a comment