රාහුල්ට ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඉන්දීය පිතිකරු කේ.එල් රාහුල් ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, පුහුණුවීම් කටයුතු අතරතුර දී සිදු වූ ආබාධයක් හේතුවෙන්.
වම් අතෙහි මෙම ආබාධය සිදුව ඇති බැවින් දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකෙන් ඔහුව ඉවත් කිරීමට සිදු වූ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ආබාධය හේතුවෙන් ඔහුට සති තුනක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.
මීට පෙර මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් ද තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධ හේතුවෙන් යළි ඉන්දියාව බලා පිටත් කර හැරුණා.