Ultimate magazine theme for WordPress.

දඩුවම ප්‍රතික්ෂේප කළත් රාසාට තරග දෙකක තහනමක් පනවයි

සිම්බාබ්වේ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක සිකන්ඩ රාසාට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

අයර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 තරගයේ දී ඔහු විසින් අයි.සී.සී විනය නීතී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස ඔහුට තහනමකට ලක්වීමට සිදුව ඇති අතර, ඒ අනුව ඔහුට අයර්ලන්තයට එරෙහි අවසන් 20යි 20 තරග දෙක ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

පළමු 20යි 20 තරගයේ දී රාසා පිතිකරණයේ නිරතව සිටියදී ඔහු හා අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් හා කර්ටිස් කැම්පර් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

එම වරද හේතුවෙන් සිම්බාබ්වේ නායකයාට දඩුවම් ලකුණු දෙකක් (demerit points) පැනවුණු අතර, ඒ අනුව වසර දෙකක කාලයක් තුළ ඔහුගේ විනය වාර්තාවට පැනවුණු දඩුවම් ලකුණු ප්‍රමාණය මේ වන විට 4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දඩුවම් ලකුණු ප්‍රමාණය 4 ක් දක්වා ඉහළ යාම හේතුවෙනුයි ඔහුට තරග තහනම පැනවුණේ. දඩුවම් ලකුණුවලට අමතරව ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් ද පනවා තිබෙනවා.

සිය වරද රාසා විසින් පිළිගෙන ඇති නමුත්, ඔහුට එරෙහිව තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඩුවම රාසා පිළිගෙන තිබුණේ නැහැ. කෙසේ වෙතත්, ඊයේ(8) දිනයේ දී සිදු කෙරුණු නඩු විභාගයකින් පසුව මෙම දඩුවම පැනවීම ස්ථීර කර තිබෙනවා.

මේ අතර, අදාළ සිද්ධිය හේතුවෙන් කැම්පර්ට හා ලිට්ල්ට ද දඩුවම් ලකුණු 1 බැගින් පනවා තිබෙනවා.

ඊට අමතරව 15%  බැගින් වූ දඩ නියම කිරීමක් ද ඔවුන්ට දෙදෙනාට එරෙහිව තරග තීරකවරයා විසින් නියම කළා. ඔවුන් දෙදෙනාම සිය වරදවල් හා ලබා දුන් දඩුවම් පිළිගෙන ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

මෙම ක්‍රීඩකයින් තිදෙනා සිදු කළ වරදවල් අයි.සී.සී මාධ්‍ය නිවේදනයේ සදහන් කර ඇත්තේ පහත සදහන් අයුරින් –

  • Raza was charged with aggressively charging towards Campher and Josh Little while pointing his bat and breaking away from the umpire who had tried to calm the situation.
  • Campher was charged with charging towards Raza, side-stepping one of the on-field umpires who tried to stop his progress.
  • Little was charged with making physical contact with Raza after the latter complained about Little’s blocking his path when trying to make a run.

පළමු තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දක්වමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද සිකන්ඩ රාසා.

Leave a comment