Ultimate magazine theme for WordPress.

රාසාගේ සුපිරි ප්‍රහාරය සිම්බාබ්වේ පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Match Report

සිකන්ඩ රාසා පන්දු 48 කින් රැස් කළ ලකුණු 82 හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(17) සමත් වුණා.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය හෝබාර්ට් හී දී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

සිම්බාබ්වේ පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට විශීෂ්ඨ ජයක් අත්කර දීමට දායකත්වය දැක් වූ රාසාගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 5 බැගින් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී අයර්ලන්තය වෙනුවෙන් ජොෂ් ලිට්ල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ කර්ටිස් කැම්පර්. ඔහු ලකුණු 27 (22) ක් රැස් කළා. George Dockrell හා Gareth Delany ලකුණු 24 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්ලෙසින්ග් මුසරබානි ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Show Comments (1)