Ultimate magazine theme for WordPress.

රාසාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ අවසන් පන්දුවෙන් සිම්බාබ්වේ පිලට කඩුල්ලක තියුණු ජයක්

Match Report

සිකන්ඩ රාසාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ අයර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුල්ලක තියුුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තයට කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

Andy Balbirnie ලකුණු 32(25) ක්, Gareth Delany නොදැවී ලකුණු 26(11) ක් හා Harry Tector ලකුණු 24(21) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රිචර්ඩ් එන්ගරාවා හා බ්ලෙසින්ග් මුසරබානි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිකන්ඩ රාසා පන්දු 42 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Mark Adair, Josh Little, Barry McCarthy හා Craig Young කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Leave a comment