Ultimate magazine theme for WordPress.

රාජස්ථාන් නවක වේග පන්දු යවන්නාගේ පියා කොරෝනා ආසාදනය වී මරුට

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චෙතන් සාකරියාගේ පියා වන කන්ජිබායි සාකරියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන් ඔහු මිය ගිය බවයි රාජස්ථාන් කණ්ඩායම නිවේදනය කළේ.

මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ඔහුට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බව රාජස්ථාන් කණ්ඩායම සදහන් කළා.

චෙතන් සාකරියාගේ සහෝදරයා ද පසුගිය ජනවාරි මාසයේ දී මිය ගොස් තිබුණා.

සාකරියා මෙවර සිය පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, එහිදී තරග 7කදී කඩුලු 7ක් බිද හෙලීමට ඔහු සමත් වුණා.

මීට පෙර ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා Veda Krishnamurthy ගේ සහෝදරිය සහ මව ද කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගියා.

Leave a comment