Ultimate magazine theme for WordPress.

රසල් ආනල්ඩ් හොඳම LPL කණ්ඩායම නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා විසින් මෙවර එල්.පී.එල් තරගාවලියේ මේ දක්වා දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් හොදම 11 දෙනාගේ කණ්ඩායම නම් කර තිබෙනවා.

ඔහු එය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ප්‍රකාශයට පත් කළේ.

තරගාවලිය සම්පූර්ණයෙන් අවසන් වී නොමැති පසුබිමක රසල් ආර්නල්ඩ් මහතා සිය හොදම කණ්ඩායම මෙලෙසින් නම් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, එම කණ්ඩායමට ඔහු විසින් නායකයෙකු නම් කර නැහැ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ද රසල් ආනල්ඩ් මහතා කටයුතු කරනවා.

රසල් ආර්නල්ඩ් නම් කළ එල්.පී.එල් කණ්ඩායම පහතින් –

  • දනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේශ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර
Leave a comment