Ultimate magazine theme for WordPress.

රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.

ඒ, මාර්ග ආරක්ෂාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන “Road Safety World Series T20” තරගාවලියේ දී යි.

මෙහි පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට කටයුතු කෙරුණා.

ඒ, කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාවේ රායිපූර්හී දී තරගාවලිය පැවැත්වෙනු ඇති.

ඊට ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්හි විශ්‍රාමගත් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වීමට නියමිතයි.

Leave a comment