Ultimate magazine theme for WordPress.

රෂීඩ් යළිත් සසෙක්ස් පිලට

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් යළි බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ, 2021 වසරේ පැවැත්වීමට නියමිත එරට ප්‍රාන්ත පන්දුවාර 20යි 20 (T20 Blast) ක්‍රිකට් තරගාවලිය සදහායි.

2018 වසරේ සිට තරග වාර දෙකක් සදහා රෂීඩ් ඛාන් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

එහිදී ඔහු ඉනිම් 18කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 24ක්.

රෂීඩ් ඛාන් ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් තරගාවලිය වන The Hundred තරගාවලියේ දී Trent Rockets කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිතයි.

Leave a comment