Ultimate magazine theme for WordPress.

රෂීඩ් ඇතුලු 6කට කොදෙව් දූපත් හි රැදෙන්න අවසර

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින සිය ක්‍රීඩකයින් 6 දෙනාට එම තරගාවලිය අවසන් වන තුරු ඒ සදහා ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සහ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.

ඒ අනුව අදාළ ක්‍රීඩකයින් 6 දෙනට ඇෆ්ඝනිස්තාන දී ආරම්භ වූ Shpageeza T20 League තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

එම තරගාවලිය අද(6) ආරම්භ වූ අතර, මෙවර සී.පී.එල් තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 10 වැනිදායි.

රෂීඩ් ඛාන්, මොහොමඩ් නබී, මුජීබ් රහ්මාන්, නවීන් උල් හක්, නජිබුල්ලාහ් සඩ්රාන් සහ සහීර් ඛාන් යන ක්‍රීඩකයින්ටයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මෙලෙස අවසර ලබා දී ඇත්තේ.

Leave a comment