Ultimate magazine theme for WordPress.

රබාඩාට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වන ලකුණු

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාට අහිමි වනු ඇති බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් ඒ පිළිබද ඉගි පල කර ඇති බව සදහන්.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින් රබාඩාට දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා නොදීමට අවධානය යොමු කර ඇති බවයි පුහුණුකරු සදහන් කර ඇත්තේ.

මේ අතර, ආබාධ හේතුවෙන් Glenton Stuurman සහ Migael Pretorius ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට ද පසුගියදා පියවර ගැණුනා.

එමෙන්ම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය හෙට(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment