Ultimate magazine theme for WordPress.

රටවල් 2ක් ටෙස්ට් පිටියේ නියෝජනය කළ රැන්කින් ක්‍රිකට් පිටියට සමු දෙයි

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බොයිඩ් රැන්කින් (Boyd Rankin) ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 36 වන වියේ පසුවන ඔහු මීට පෙර එංගලන්ත කණ්ඩායම ද නියෝජනය කර තිබුණා.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රටවල් දෙකක් නියෝජනය කළ 15 වැනි පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා.

Boyd Rankin එංගලන්තය සහ අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින තරග 75කට සහ 20යි 20 තරග 50කට ක්‍රීඩා කළා.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල (පාකිස්තානයේ අසාර් අලී) දවා ගත් පන්දු යවන්නා වන්නේ ද ඔහු වීම විශේෂත්වයක්.

Leave a comment