යොවුන් ආසියානු කුසලානයේ නවතම ප්රසාද ලකුණු සටහන
යොවුන් ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ 5 වැනි හා 6 වැනි තරග අද(10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉන්දියාව හා පාකිස්තානයත්, ඇෆ්ඝනිස්තානය හා නේපාලයත් තරග වැදීමට නියමිතයි.
ඩුබායි හී දී පැවැත්වෙන තරගාවලිය යටතේ ශ්රී ලංකාව ක්රීඩා කරන මීළග තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්ය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකාව ක්රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් ඊයේ ජපානයට එරෙහිව ජය වාර්තා කළේ කඩුලු 7කින්.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජපානය පන්දුවාර 30.3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 75 ක් පමණයි. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 12.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්රහනය තහවුරු කර ගත්තා.
මේ වන විට A කාණ්ඩයේ පළමු ස්ථානය පාකිස්තනායට හිමිව ඇති අතර, ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවනවා.
B කාණ්ඩයේ පළමු ස්ථානය ශ්රී ලංකාවටත්, දෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමියි.