Ultimate magazine theme for WordPress.

යුනිස් ඛාන්ට 2022 වනතුරු නව තනතුරක්

ලබන 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු නායක යුනිස් ඛාන් පත් කර තිබෙනවා.

මීට පෙර ඔහු නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී ද පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.

මෙම පත් කිරීමට අමතරව පාකිස්තාන කාන්තා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අර්ෂාද් ඛාන් පත් කිරීමට ද පියවර ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම පත් කිරීම වසරක කාලයක් සදහා බලපැවැත්වෙනු ඇති.

 

Leave a comment