Ultimate magazine theme for WordPress.

මෝර්ගන්ට දඩ පනවයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන්ට අයි.පී.එල් බළධාරීන් විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, මෙවර තරග වාරය යටතේ පසුගිය 21 වනදා පැවැති තරගයේ දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී කොල්කටා කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් මෝර්ගන්ට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 31ක පමණ අගයක් වනවා.

චෙන්නායි කණ්ඩායමට එරෙහි අදාළ තරගයෙන් කොල්කටා කණ්ඩායම ලකුණු 18කින් පරාජයට ද පත් වුණා.

Leave a comment