Ultimate magazine theme for WordPress.

මොහොමඩ් අමීර් ජගත් ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, එරට ක්‍රිකට් කළමණාකරීත්වය යටතේ තවදුරටත් ක්‍රීඩා කළ නොහැකි බව ප්‍රකාශ කරමින්.

ඊයේ නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ද නියෝජනය කරමින් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

මේ වන විට පාකිස්තාන කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක නිරතව සිටින නමුත්, එම සංචිතය සදහා ඔහුව නම් කර තිබුණේ නැහැ.

“මම ක්‍රිකට් වලින් ඉවත් වන්නේ නැහැ. මාව ඉන් ඉවත් කරනවා.” යනුවෙන් 28 හැවිරිදි මොහොමඩ් අමීර් සදහන් කළා.

තමාට මානසික වදහිංසා පමුණුවන බවත්, ජගත් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට හේතුව එය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a comment