Ultimate magazine theme for WordPress.

මොටාසාට කොරෝනා ආසාදනය වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මශ්රෆී මොටාසාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් ඔහුව සිකුරාදා රාත්‍රී කාලයේ දී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී අණාවරණය වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ බව මොටාසාගේ සොහොයුරා විසින් තහවුරු කර තිබෙනවා.

මශ්රෆී මොටාසා මේ වන විට නිවසේ සිටම නීරෝධායනයට ලක් වෙමින් සිටින බව සදහන්.

ඔහුට අමතරව බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ නෆීස් ඉක්බාල් ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි වාර්තා වුණේ.

Leave a comment