Ultimate magazine theme for WordPress.

“මේක තාවකාලිකවයි භාර ගත්තේ” – ඩී කොක්

තමා දකුණු අප්‍රිකා කණ්ඩායමේ දීර්ඝ කාලීන ටෙස්ට් නායකයා නොවන බව ක්වෙන්ටන් ඩී කොක් පවසනවා.

කෙසේ වෙතත්, නිත්‍ය නායකයෙකු තෝරා ගන්නා තුරු තමා එම වගකීම භාර ගන්නා බවයි ඔහු සදහන් කළේ.

මේ වන විට සීමිත පන්දුවාර තරගවලදී කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දරන ක්වෙන්ටන් ඩී කොක්ට ටෙස්ට් නායකත්වය ද ලබා දීමට අපේක්ෂා නොකරන බව මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් පවසා තිබුණා.

කෙසේ වෙතත්, පසුගියදා එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එළඹෙන තරග වාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙක, පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරග දෙක සහ ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග තුන තුළ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩී කොක් විසින් දරනු ඇති.

“ඇත්තටම මම එය එක් වරම භාර ගත්තේ නැහැ. මම ඒ ගැන හිතුවා සහ මම තේරුම් ගත්තා එය දැනට විතරක් කියලා. මේ තරග වාරයට පමණයි. එය දීර්ඝ කාලීන දෙයක් නෙවෙයි.” යනුවෙන් ඩී කොක් සදහන් කළා.

Leave a comment