Ultimate magazine theme for WordPress.

මෙවර ආසියානු කුසලානය 2023ට කල් දැම්මා : ACC

මෙම වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය (ACC) අද(23) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

මෙම වසරේ දී තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාලයක් සකස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

පවතින ජාත්‍යන්තර තරගාවලි හේතුවෙන් ආසියානු කුසලානයට සියලු කණ්ඩායම්වලට ක්‍රීඩා කළ හැකි පොදු කාල පරාසයක් මෙම වසරේ නොමැති බවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටුව නිගමනය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරට නියමිත තරගාවලිය 2023 වසර දක්වා කල් දැමීමටයි විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

ඒ, ලබන වසරේ දී ද ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඉදිරි තරගාවලියන් පැවැත්වෙන දින පසුව නිවේදනය කෙරෙනු ඇති.

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය ද කොරෝනා වසංගතය හේතුවෙන් නොපැවැත් වූ අතර, එම තරගාවලියයි පසුව මෙම වසර දක්වා කල් දැමීමට තීරණය කෙරුණේ.

Leave a comment