Ultimate magazine theme for WordPress.

මෙරට ක්‍රිකට් වසන්තය යළි දින නියමයක් නොමැතිව කල් දැමේ

මෙම මස 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළි කල් දමා තිබෙනවා.

තරගාවලි ව්‍යුහය තුළ සිදුකරන ලද ඇතැම් සංශෝධන පිළිබඳව අති විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීම කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් අතරමඟ නතර කර දැමුණු තරගාවලිය යළි ආරම්භ කිරීමේ දී තරගාවලියේ තරග නීති රීති සහ තරගාවලි ව්‍යුහයේ සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බැවින් ඒ පිළිබඳව සලකා බලා අදාළ අති විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියේ අවධානය යොමුව ඇති බව සදහන්.

ඒ අනුව එම අතිවිශේෂ මහා සභා රැස්වීමේ අනුමැතිය ලබා ගන්නා තෙක් ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබෙනව.

Leave a comment