Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ඉන්දීය තරගාවලියෙනුත් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එළඹෙන ඉන්දීය තරගාවලියෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් තිදෙනාට මේ වන විට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, එංගලන්තයේ සිට මෙරටට පැමිණිමට නියමිත මීළග ගුවන් යානයෙන් එම ක්‍රීඩකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතයි.

ඔවුන් එංගලන්ත තරග සංචායේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගැණුනා.

ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ නිසි විමර්ශනයකින් අනතුරුව කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බවයි.

ඔවුන් තිදෙනා ඩර්හැම් නුවර රාත්‍රී කාලයේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් මාර්ගයක ගමන් කරන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අතර, ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශන ආරම්භ කෙරුණේ.

Leave a comment