Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වගකීමක් ; දික්වැල්ලටත් කැදවීමක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග එළඹෙන 16 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩංගනයේ දී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සදහා නම් කෙරුණේ ඔහුට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම නියමිත කාලය නිමා වීමට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කිරීමත් සමගයි.

සිම්බාබ්වේ තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමට නියමිත බව ද දසුන් සදහන් කළා.

මේ අතර, කුසල් මෙන්ඩිස් සමග තරග තහනමකට ලක්ව සිටි නිරෝෂන් දික්වැල්ල ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලට එක්ව තිබෙනවා.

ඒ, මිනෝද් භානුක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

කොවිඩ් 19 ආසාදනය වී සුවය ලබා ඇතත්, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි දසුන් ශානක කියා සිටියේ.

Leave a comment