Ultimate magazine theme for WordPress.

මුරලි කළ යෝජනාවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාව දුන් පිළිතුර

ඉන්දීය පිතිකරු මුරලි විජේ පසුගියදා තමා පිළිබද කළ ප්‍රකාශයකට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිස් පෙරි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ක්‍රීඩා නිවේදිකාවක වන රිද්මා පතාක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

පසුගිය දිනක මුරලි විජේ විසින් ඇලිස් පෙරි සම්බන්ධයෙන් අදහස් පල කර තිබුණේ චෙන්නායි සුපර් කිංග්ස් මාධ්‍ය ඒකකය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ, ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීමට කැමැති දෙදෙනෙකු නම් කරන ලෙස විමසූ පැනයකට පිළිතුරු දෙමින්.

“ඇලිස් පෙරි. මට අවශ්‍යයි ඇය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වන්න. ඇය ඉතාමත් ලස්සනයි. සහ ශිකර් දවාන්. ඔහු ඉතාමත් විනෝදජනක පුද්ගලයෙක්.”

යනුවෙන් මුරලි විජේ සදහන් කළා.

ඊට පිළිතුරු දෙමින් ඇලිස් පෙරි කියා සිටියේ මුරලි විජේ විසින් ඊට මුදල් ගෙවනු ලබනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

ඔහුගේ ප්‍රකාශය අගය කරන බව ද ඇලිස් පෙරි සදහන් කළා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා මෙතනින් සම්බන්ධ වන්න

Leave a comment