Ultimate magazine theme for WordPress.

මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් පෙත්සමක් – ක්‍රිකට් ආයතනයටත් නොතීසි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට එළඹෙන මාර්තු 15 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට ඉල්ලමින් මෙම පෙත්සම ගොණු කෙරුණා.

එම ආයතනයේ ව්‍යවස්ථාව සංශෝදනය කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කරන ක්‍රමවේදය සංශෝදනය කරන ලෙසටයි මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබෙනවා.

මුරලිදරන්ට අමතරව සිදත් වෙත්තමුණි, ආනා පුංචිහේවා, මයිකල් තිසේරා, කුෂිල් ගුණසේකර යන මහත්වරුන් ද මෙම පෙත්සම ගොණු කළ 12 දෙනා අතරට අයත්.

Leave a comment