මුරලි ඇතුළු විශිෂ්ඨයින් 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී අතරමග නවතා දැමූ “Road Safty World Series T20” තරගාවලිය එලඹෙන මාර්තූ මාසයේදී යළි පැවැත්වීමට මේ වන විට දින නියම වී ඇති බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.
කෙසේ වෙතත්, මෙම තරගාවලිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඉතා අසතුටුදායක පුවතක් වාර්තා කිරීමට අපට සිදුවනවා.
එනම් පසුගිය වසරේදී Sri Lanka Legends කණ්ඩායම නියොජනය කළ හිටපු සුපිරි ක්‍රිකට් තරු කිහිපයක්ම මෙවර තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව වාර්තා වන ආකාරයට පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේදී දැකගැනීමේ වාසනාව ප්‍රේක්ෂකයින්ට අහිමිව යනු ඇති.
ඔවුන් පෞද්ගලික හේතූන් පදනම් කර ගනිමින් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.
No 🇱🇰 1996 🏆 Cricket heroes for #RoadSafetyWorldSeries
Muttiah Muralitharan,Romesh Kaluwitharana,@chaminda_vaas , Upul Chandana & Marvan Atapattu,who represented the Sri Lanka Veterans team last year, will not be taking part in the Road Safety World Series this year.#Cricket pic.twitter.com/efAnhFV2tr
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) February 15, 2021