Ultimate magazine theme for WordPress.

මුරලිගේ චිත්‍රපටය තහවුරු වෙයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් නිර්මාණය කිරීමට නියමිත චිත්‍රපටයට අදාළ නිල ප්‍රකාශයක් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ නිල පෝස්ටරයක් මේ වන විට නිකුත් කර ඇති අතර, ඉන්දීය නලු විජයි සේතුපති මෙම චිත්‍රපටයේ දී මුරලිදරන්ගේ චරිතය සදහා රංගනයෙන් එක්වීමට නියමිතයි.

එම්.එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය Movie Train Motion Pictures සහ Dar Motion Pictures සමාගම් විසින් නිෂ්පාදනය කරන බව සදහන්.

Leave a comment