Ultimate magazine theme for WordPress.

මුම්බායි පිලට ලකුණු 34ක ජයක් – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සාජාහී දී අද(4) පැවැති තරග‍යෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 34කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 39කින් ලකුණු 67ක් රැස් කලේ හයේ සහ හතරේ පහර 4 බැගින් වාර්තා කරමින්.

ඉෂාන් කිෂාන් ලකුණු 31ක් සහ හර්ඩික් පාන්ඩ්යා ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා සහ සිද්ධාර්ත් කවුල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, සිද්ධාර්ත් කවුල් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 64ක් රැස් කිරීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 60යි.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ජේම්ස් පැටින්සන් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment