Ultimate magazine theme for WordPress.

මිස්බා තේරීම් කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස් වෙයි

පාකිස්තාන තේරීම් කමිටු සභාපති මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ජාතික කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ද ඔහු වන බැවින් ඒ සදහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මිස්බා උල් හක් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන මිස්බා උල් හක් අදාළ ධූරයන් සදහා එරට ක්‍රිකට් ආයතනය විසින් පත් ක‍රනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 4 වැනිදායි.

වසර තුනක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම් සිදු කර තිබුණා.

Leave a comment