Ultimate magazine theme for WordPress.

මිකී ආතර් LPL විස්තර විචාරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට මෙවර ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කටයුතුවලින් ඉවත් වීමට සිදු වි තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය හේතුවෙන්.

අදාළ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ලබන 17 වැනිදායි.

කෙසේ වෙතත්, ඊට පෙර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ වෛද්‍ය විශේෂඥයෙකු දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කළා.

ඒ, ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ පවත්වන අදාළ තරගාවලිය සදහා පවතින සූදානම තක්සේරු කිරීම සදහා සහ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින්.

ඒ අනුව මිකී ආතර් එළඹෙන ඉරිදා (13) දිවයිනෙන් පිටව යන බව සදහන්.

Leave a comment