Ultimate magazine theme for WordPress.

මිකී ආතර් ඩර්බිෂයර් කණ්ඩායම සමග එක්වන ලකුණු

සිය ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සම්බන්ධ කර ගැනීම පිළිබද බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, මෙතෙක් එම ධූරය දැරූ සිම්බාබ්වේ හිටපු නායකයෙකු වන Dave Houghton 2021 තරග වාරයෙන් පසුව ධූරයෙන් ඉවත් වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවතින මිකී ආතර්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය ද ලබන මාසයෙන් අවසන් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වීමට පෙර ඔහු දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය යන ජාතික කණ්ඩායම්වල ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.

 

Leave a comment