Ultimate magazine theme for WordPress.

මිකී ආතර්ගෙන් රසල්ට පිළිතුරු

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ඊයේ(20) තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනයේ දී සිදු වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් මහතා විසින් පල කළ ට්විටර් පණිවිඩයට මිකී ආතර් විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3ක තියුණු පරාජයක් ලැබුවා.

ඉන් අනතුරුවයි පුහුණුකරු හා නායකයා අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වනු දක්නට ලැබුණේ.

ඔවුන් දෙදෙනා අතර එම සංවාදය ක්‍රීඩාංගනයේ දී නොව ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි රසල් ආර්නල්ඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ.

ඊට ප්‍රතිචාර දැක් වූ මිකී ආතර් සදහන් කළේ මෙවැනි අදහසක්.

“අපි එකට දිනනවා, එකට පරදිනවා. නමුත් අපි හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. දසුන් හා මම කණ්ඩායමක් වර්ධනය කරමින් ඉන්නවා. අපි දෙන්නම ගොඩක් කළකිරුණා තරගය ජය නොගැනීම ගැන. එය ඇත්තටම ඉතා හොද විවාදයක් වුණා, ඉන් වැරැදි හැසිරීමක් හදන්න අවශ්‍ය නැහැ.”

Leave a comment