Ultimate magazine theme for WordPress.

මැලේසියාව 33 කට දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Match Report

මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 33 කට දවා ගනිමින් මෙවර ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(8) සමත් වුණා.

සිල්හෙට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

ඕෂදී රණසිංහ නොදැවී ලකුණු 23 ක් රැස් කළ අතර, චමරි අතපත්තු හා නිලක්ෂි ද සිල්වා ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Sasha Azmi හා Ainna Hamizah Hashim කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 9.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 33 ක් පමණයි.

Elsa Hunter ලකුණු 18 ක් ලබා ගත් අතර, පිතිකාරිණියන් 7 දෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

පන්දු යැවීමේ දී මල්ෂා ශෙහානි පන්දුවාර 1.5 ක් තුළ ලකුණු 2 කට කඩුලු 4 ක් දවා ගැනීමට කැපී පෙනුණා.

සුගන්දිකා කුමාරි හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ තෙවැනි ජයග්‍රහනය මෙයයි. ඒ අනුව ඔවුන් තරග 4ක දී ප්‍රසාද ලකුණු 6 ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටින ඉන්දියාව හා පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් පෙරමුණේ හා දෙවැනි ස්ථානයේ පසුවනවා.

Show Comments (1)