මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකාව ස්ථාවර කරයි – Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ලේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව දිනය නිමා කරන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229ක්.
සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 19ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
මැතිව්ස් අද වාර්තා කළේ එංගලන්තයට එරෙහිව රැස් කළ තෙවැනි ශතකය වන අතර, ඔහු ගාල්ලේ දී වාර්තා කළ පළමු ශතකය ද මෙය වනවා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 52යි.
චන්දිමාල් සහ මැතිව්ස් අතර සිව්වන කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 117ක්.
ළහිරු තිරිමාන්න ලකුණු 43කටත්, කුසල් පෙරේරා ලකුණු 6කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු නොලබාත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
11th Test ton for @Angelo69Mathews 👏
This is his fourth fifty-plus score in his last six Test innings!#SLvENG
More Info ⏩ https://t.co/6hkM3ZzFWg
Video Credits – @OfficialSLC pic.twitter.com/f2yQbpou27
— Sachin Dananjaya98 (@sachinpeiris98) January 22, 2021