Ultimate magazine theme for WordPress.

මැට් හෙන්රි ආබාධයකට ලක් වෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි ආබාධයකට ලක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එළඹෙන ජාත්‍යන්තර තරග වාරයේ තරග කිහිපයක් අහිමි වීමේ අවධානමක් පවතින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

පිතිකරණ පුහුණුවීම් අතරතුර ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇත්තේ පන්දුවක් දකුණු අතෙහි ඇගිල්ලක වැදීමෙන්.

ඒ අනුව මැට් හෙන්රිට සම්පූර්ණ සුවය ලැබීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වන බව සදහන්.

ඒ හේතුවෙන් නොවැම්බර් 27 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment