Ultimate magazine theme for WordPress.

මාස 8කින් පුහුණුවක් නොලැබූ මාලිංග LPL ගැන තවමත් දෙගිඩියාවෙන්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී තීරණය කරන බව ශ්‍රී ලංකා 20යි 20 නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලසිත් මාලිංග මේ වන විට මාස 8ක පමණ කාලයකින් පුහුණුවීම් සිදු කර නැහැ.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු එක්වූයේ නැහැ.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ක්‍රිස් ගේල් ද එල්.පී.එල් තරගාවලියට එක් නොවන බව ඊයේ තහවුරු කෙරුණා.

මේ අතර,  ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කලම්බු කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා තෝරා ගෙන තිබෙනවා.

මීට මසකට පෙර, එනම් පසුගිය ඔක්තෝබර් 19 වනදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ඔහුව කිසිදු කණ්ඩායමකට තෝරා ගෙන තිබුණේ නැහැ.

Leave a comment