Ultimate magazine theme for WordPress.

මාලිංග පසු කළ බ්‍රාවෝගෙන් නව ලෝක වාර්තාවක්

පන්දුවාර 20යි 20 තරග පිටියේ කඩුලු 500 ක් බිද හෙලූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වීමට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ අද(26) සමත් වුණා.

ඒ, මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශාන්ත ලුසියා සෝක්ස් පිලට එරෙහි තරගයේ දීයි.

ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන බ්‍රාවෝ සිය කඩුලු 500 දවා ගැනීම සදහා ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 459ක්.

20යි 20 පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට හිමිව ඇති අතර, ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 390ක්

ඒ සදහා මාලිංග තරග 295ක් ක්‍රීඩා කර තිබෙනවා.

Leave a comment