Ultimate magazine theme for WordPress.

“මාලිංගයි මුරලියි තමා අමාරුම” – රෝස් ටේලර්

තමා මුහුණදුන් අපහසුම පන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ මුත්තයියා මුරලිදරන් බව නවසීලන්ත මැද පෙල පිතිකරු රෝස් ටේලර් පවසනවා.

ඒ, Cricingif වෙත අදහස් දක්වමින්.

ඔවුන්ගේ පන්දු තේරුම් ගැනීම ඉතා අපහසු බවයි ටේලර් පෙන්වා දෙන්නේ.

ඔවුන්ටම අවේනික වූ විශිෂ්ට පන්දු යැවීමේ ඉරියව්ව ඊට හේතුව බව ඔහු කියා සිටියා.

ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් ද මුහුණ දීමට ඉතා අපහසු පන්දු යවන්නෙකු බවයි රෝස් ටේලර් සදහන් කළේ.

Leave a comment