Ultimate magazine theme for WordPress.

මාලිංගට IPL අහිමි වෙයි

ශ්‍රී ලංකා 20යි 20 නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් තරගාවලියේ තරග රැසක් අහිමි වන බව වාර්තා වනවා.

ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලියේ පළමු අර්ධයට එක් නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

කෙසේ වෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ඔහු ක්‍රීඩා කිරීමේ ඉඩක් පවතිනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment