Ultimate magazine theme for WordPress.

මාලිංගට තර්ජනයක් වූ අමිට් මිශ්‍රා IPL පිටියෙන් ඉවතට

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අමිට් මිශ්‍රාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන්.

පසුගිය 3 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.

එම තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ දී ම නිටිෂ් රානා එල්ල කළ පහරකින් පසුව ඔහු වෙතට ඇදී ආ උඩ පන්දුව රැක ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී යි අමිට් මිශ්‍රා මෙම ආබාධයට ලක් වුණේ.

එම තරගයේ දී ඔහු පන්දුවාර දෙකක් පමණක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ලකුණු 14කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී අමිට් මිශ්‍රා තරග තුනකට ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු බිද හෙලූ කඩුලු ගණන 3ක්.

අමිට් මිශ්‍රා අයි.පී.එල් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට පමණයි.

මාලිංග තරග 122කදී කඩුලු 170ක් බිද හෙලා ඇති අතර, අමිට් මිශ්‍රා තරග 150කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 160ක්.

 

Leave a comment