Ultimate magazine theme for WordPress.

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව ඉදිරි තරග කිහිපයේ දී බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුවිශේෂී වාර්තාවක් මේ වන විට ඔහුගෙන් ගිලිහී යාමේ අවධානමක් මතුව තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, ඉනිම 122 ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්.

ඊට එක් ඉනිමක කඩුලු පහක් දවා ගත් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා හයක් ඇතුළත්.

සමස්ථ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංගයි.

වසර ගණනාවක් පුරා ඔහුගේ නම ඉදිරියේ පැවති මෙම සුවිශේෂී වාර්තාව මෙවර තරගාවලියේදී බිඳ වැටීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ, වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිශ්රා එම වාර්තාවට ඉතා ආසන්න වීමත සමගයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට අමිත් මිශ්රා සමත්වුණා.

ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 24 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

එම කඩුලු 4 ත් සමග අයි.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ අමිත් මිශ්රා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 164 ක්.

ඒ සදහා ඔහු වැය කර තිබෙන ඉනිම් සංඛ්‍යාව 152 ක්.

ලසිත් මාලිංග අභිබවා යමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට 38 හැවිරිදි අමිත් මිශ්රාට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 7 ක් පමණයි.

ලසිත් මාලිංග මේ වන විටත් ලීග් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.

Leave a comment