Ultimate magazine theme for WordPress.

මාලිංගගේ යෝකර් පන්දුවේ සාර්ථකත්වය 63% ක් – CricViz හෙළි කරයි

පන්දුවාර 20යි 20 ඉතිහාසයේ හොදම වේග පන්දු යවන්නා ලෙස විස්ඩන් සගරාව විසින් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගව පසුගියදා නම් කළා.

ක්‍රිකට් දත්ත විශ්ලේෂණ සමාගමක් වන CricViz සමග එක් වෙමිනුයි මෙම නම් කිරීම සිදු කර තිබුණේ.

Tymal Mills, Freddie Wilde සහ Yas Rana යන අය විසින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

“විශේෂයෙන් යෝකර් පන්දුව සමග ඔහුගේ පලදායිතාවය කිසිවෙකුට දෙවැනි වන්නේ නැහැ. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වෙනුයි ඒක සාර්ථක වෙලා තියෙන්නේ. ඔහුගේ ඉරියව්ව නිසා අනෙක් පන්දු යවන්නන්ට වඩා ඉතා සාර්ථක ලෙස ඔහුට යෝකර් පන්දුව යවන්න පුලුවන්”

යනුවෙන් CricViz හි දත්ත විශ්ලේෂක Freddie Wilde සදහන් කළා.

“ඔහුගේ යෝකර් පන්දුවේ සාර්ථකත්වය 63%ක්. 20යි 20 ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් අතරින් කිසිවෙකුත් එවැනි සාර්ථකත්වයක් පෙන්නුම් කරල නැහැ.”

යෝකර් පන්දුව යොමු කිරීමට තැත් කිරීමේ දී ඉලක්කය වැරැදී එය කෙලින්ම පිත්ත වෙත (full toss) පැමිණිය ද මාලිංගට එරෙහිව පිතිකරුවන් සෙසු පන්දු යවන්නන්ට සාපේක්ෂව දක්වා ඇත්තේ අඩු දක්ෂතාවයක් බව Freddie Wilde පෙන්වා දෙනවා.

Leave a comment