Ultimate magazine theme for WordPress.

මාර්කෝ ජන්සෙන් අවසන් මොහොතේ ලෝක කුසලානයට කැදවයි

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට මාර්කෝ ජන්සෙන් ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ ඩ්වේයන් ප්‍රෙටෝරියස් වෙනුවටයි.

22 හැවිරිදි ජන්සෙන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර තිබුණේ.

ඉන්දෝර්හී දී පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස්ගේ වම් අතෙහි ඇගිල්ලක අස්ථි බිදී යාමක් සිදු වුණා.

එම ආබාධය හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

South Africa squad for T20 WC:

Temba Bavuma (c), Quinton de Kock, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Marco Jansen, Kagiso Rabada, Rilee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.

Show Comments (1)