Ultimate magazine theme for WordPress.

මහේල සහ ක්‍රීඩා ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අද(27) ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වී තිබෙනවා.

එහිදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කළ හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සහ මහේල ජයවර්ධන අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.

ඉදි කිරීමට යෝජිත හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දියේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ද මහේල මේ පිළිබද අවධානය යොමු කළා.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය වසර 15ක කාලය තුළ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිසිවක් පරිපාලකයින් විසින් සිදු කර නොමැති බවයි.

Leave a comment