මහේල මුහුණ දුන් අකරතැබ්බයක් අයි.සී.සීය සිය උපන් දින සුබ පැතුමට එක් කළ හැටි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද සිය 44 වැනි උපන් දිනය සමරනු ලබනවා.
මේ වන විට ඔහුට ලොව නන් දෙසින් උපන් දින සුබ පැතුම් ලැබෙමින් පවතින බවක් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ද දැක ගත හැකියි.
ඒ අතරට ජගත් ක්‍රිකට් කවුන්සලය ද ඇතුළත්.
ඔවුන් සිය සමාජජාලා මාධ්‍ය ඔස්සේ මහේල වෙත අපූර්ව සුබ පැතුමක් පල කර තිබුණා.
එම සුබ පැතුමට ඇතුළත් කර තිබුණේ මහේල ජයවර්ධන ක්‍රිකට් පිටියේ දී මුහුණ දුන් අකරතැබ්බයකට අදාළ වීඩියෝවක් වීම විශේෂත්වයක්.
2015 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයේ දී ශපූර් සඩ්රාන් යොමු කළ පන්දුවක් හමුවේ මහේලගේ පිත්ත දෙකට මැදින් කැඩී යන අයුරු එම වීඩියෝවේ ඇතුළත්ව තිබුණා.
මේ අතර, ඔහුගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද මහේලගේ උපන් දිනයට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබුණා.
To the 𝗠𝗔𝗦𝗧𝗘𝗥 of our #OneFamily 💙
Paltan, send your birthday wishes to Mahela with your favourite quality about him 🙌#MumbaiIndians @MahelaJay pic.twitter.com/y8qsJplK9B
— Mumbai Indians (@mipaltan) May 27, 2021