Ultimate magazine theme for WordPress.

මහේල අභිබවා යමින් කෝලි වාර්තා පොත් අලුත් කරයි

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද(2) සමත් වුණා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අද ඇඩිලේඩ් හී දී බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වූ තරගයේ දී යි.

මෙතෙක් 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටියේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන.

ඔහු ඉනිම 31 ක දී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 1016 ක්.

අද තරගය ආරම්භ වීමට පෙර මහේල ජයවර්ධන පසු කර යාමට කෝලිට අවශ්‍ය වූයේ ලකුණු 16 ක් පමණයි.

මෙම තරගයේ දී විරාට් කෝලි පන්දු 44 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 ක්.

ඒ අනුව 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දී ඉනිම 23 කදී විරාට් කෝලි මේ වන විට ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1065 ක්.

Show Comments (1)