Ultimate magazine theme for WordPress.

මහේලගේ මුම්බායි සහ දිල්ලිය අතර අවසන් වටයේ පළමු ගැටුම අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (PlayOffs) තරග අදින්(5) ආරම්භ වනවා.

අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) අද පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියක්ස් කණ්ඩායම මේ වන විට අයි.පී.එල් ශූරතා 4ක් දිනා ඇති අතර, මෙවර ඔවුන් පස්වන වරටත් ශූරතාවය ජය ගැනීමේ අරමුණිනුයි තරග බිමිට පිවිස ඇත්තේ.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනු ඇති.

පරාජයට පත් වන කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ, තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමගින්.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවන හා සිව්වන ස්ථාන දිනා ගත් සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් හෙට(6) අබුඩාබි ක්‍රීඩාංගනයේදී අවසන් වටයේ දෙවැනි තරගයට ක්‍රීඩා කරනවා.

ඉන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

Leave a comment