Ultimate magazine theme for WordPress.

“මම බදින්නේ අපි ලෝක කුසලානය දින්නට පස්සේ” – රෂීඩ් ඛාන්

රෂීඩ් ඛාන් යනු මේ වන විට ලොව සිටින දක්ෂතම දග පන්දු යවන්නෙක්.

ටෙස්ට් තරග 4කට, එක්දින තරග 71කට සහ 20යි 20 තරග 48කට ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 250කට ආසන්න ප්‍රමාණයක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

තවමත් 21 වන වියේ පසුවන රෂීඩ් ඛාන් මේ වන විට ලොව අංක එකේ 20යි 20 පන්දු යවන්නා ලෙසයි ශ්‍රේණිගත කිරීම්හි සිය නම සටහන් කර ගෙන ඇත්තේ.

මෙම යොවුන් ක්‍රීඩකයා ගුවන් විදුලි නාලිකාවකට අදහස් දක්වමින් සිය විවාහය සම්බන්ධයෙන් ඉතාමත් අපූර්ව ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී රෂීඩ් ඛාන් සදහන් කර ඇත්තේ තමාගේ විවාහය ඇෆ්ඝනිස්තානය ලෝක කුසලාන තරගාවලියක් ජය ගැනීමෙන් පසුව සිදු කරන බවයි.

“මම විවාහ වේවි ඇෆ්ඝනිස්තානය ලෝක කුසලානයක් ජයග්‍රහනය කළාම”

යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.

Leave a comment