Ultimate magazine theme for WordPress.

“මම ඇඩුව. ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළා” – ටිම් පේන්

2010 වසරේ දී පමණ තමා ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කිරීමට තරම් පෙළඹුණු බව ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන් පවසනවා.

එම වසරේ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් මාස කිහිපයකට පසු සිදු වූ ආබාධය ඊට හේතු වූ බවයි ඔහු සදහන් කර ඇත්තේ.

2010 වසරේ දී  ප්‍රදර්ශනාත්මක තරගයකදී ඩර්ක් නැනස් යැවූ පන්දුවක් ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක වැදී අස්ථි බිදී යාමක් සිදුව තිබුණා.

ඒ හේතුවෙන් ටිම් පේන්ට සැත්කම් 7කට මුහුණ දීමට සිදු වූ බව සදහන්.

මෙම ආබාධය හේතුවෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමාගේ විශ්වාසය වසර කිහිපයක්ම ගිලිහී ගිය බවයි ටිම් පේන් සදහන් කළේ.

“පන්දුව දිහා බලනවා වෙනුවට මම හිතුවෙ පන්දුව වදින එක ගැන. ඔබ එහෙම කරනවම් තරගය ගොඩක් අමාරු වෙනවා.”

යනුවෙන් ටිම් පේන් කියා සිටියා.

“දීර්ඝ කාලසීමාවක් මට ලකුණු ලබා ගන්න බැරි වුණා. මට කන්න බැරි වුණා. මට නිදා ගන්න බැරි වුණා. තරගවලට ඉස්සෙල්ලා මම භයෙන් හිටියේ.”

“මම ක්‍රිකට් පුහුණුවට තැමතියි. මම ක්‍රිකට් නරඹන්න කැමතියි. නමුත් ක්‍රීඩාවේ මගේ කොටස එනවිට මම ඒකට වෛර කළා.”

තමා යහන මතදීද හඩමින් කාලය ගත කළ බවයි ටිම් පේන් වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Leave a comment